දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;
දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
හෙසකියා ඔවුන්ට ඇහුම්කන් දී තමාගේ මුළු සම්පත් ගබඩාව ද එහි තිබූ රන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ගබඩා ද තමාගේ ගබඩාවල තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්වී ය. තමාගේ ගෙදර වත්, මුළු රාජ්‍යයෙහි වත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නො වී ය.
එවිට ඔහු, “ඔව්හු ඔබේ ගෙයි කුමක් දුටුවෝ දැ”යි ඇසී ය. “මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝ ය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්වන ලද කිසිවක් නැතැ”යි හෙසකියා කී ය.
දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත.
මම එක් වරක්, කතා කෙළෙමි; පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙළෙමි. ඉන්පසු කතා නොකරමි.”
මාගේ සවිය වන ඔබ මම පසසමි; මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. ඔබ මට ප්‍රේම කරන සේක.
සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය.