ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 51:18 - Sinhala New Revised Version 2018

සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 51:18
23 හුවමාරු යොමු  

එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.


සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.


සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.


දෙවිඳුනි, ඉශ්රායෙල් ජනතාව සියලු ආපදාවලින් මිදුව මැනව.


එවිට මම, “මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. “මා පිළිබඳ අණපනත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.


දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමාණෝ සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.


සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.


නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”


මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.


දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?


ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත.


‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.


තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක.


උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය.


මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.


අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.