Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 69:35 - Sinhala New Revised Version 2018

35 දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමාණෝ සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යූදාගේ නුවරවල් ගොඩනගනසේක; ඔව්හු එහි වෙසෙමින් එය භුක්ති විඳින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 69:35
17 හුවමාරු යොමු  

මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.


සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.


ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”


“කෙසේ වෙතත්, සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. එය ශුද්ධස්ථානයක් වන්නේ ය. ජාකොබ්ගේ වංශය තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේ ය.


තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි.


පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”


සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.


ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.


මුහුදත්, එහි ඇති සියල්ලත් ගිගුරුම් හඬ දේ වා! කෙත්වතු සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වේ වා!


සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.


මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!


උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමාණෝ පසසන්න.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්