මම ඉවසිල්ලෙන් හිමිතුමාණන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමිතුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.
මම ඉවසිල්ලෙන් හිමි තුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමි තුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.
මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.
එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමාණන්ට යාච්ඤා කරන්නෙමි.
සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
හිමිතුමාණන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමාණන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.