‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.
ගීතාවලිය 38:4 - Sinhala New Revised Version 2018 මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත. Sinhala New Revised Version මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත. Sinhala Revised Old Version මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි. |
‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.
දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.
එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.
මාගේ අපරාධ වියගහක් මෙන් මා පිට බර ව තිබේ. එතුමාණෝ ම මාගේ ගෙල පිට එය තැබූ සේක. ඒ නිසා, මාගේ ශක්තිය හීන විය. විරුද්ධ ව සිටින්න මට බැරි ලෙස සමිඳාණෝ සතුරන් අතට මා පාවා දුන් සේක.
එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.
පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.