“දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා!
ගීතාවලිය 34:15 - Sinhala New Revised Version 2018 හිමිතුමාණන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමාණන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත. Sinhala New Revised Version හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත. Sinhala Revised Old Version ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ, |
“දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා!
එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.
හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”