සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.
ගීතාවලිය 24:1 - Sinhala New Revised Version 2018 පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති. Sinhala New Revised Version පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. Sinhala Revised Old Version පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය. |
සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.
අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය.
අමශියා ද, “එසේ නම්, මා ඉශ්රායෙල් සේනාවට දුන් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියය ගැන අපි කුමක් කරමු දැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගෙන් ඇසුවේ ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා උත්තර දෙමින්, “ඊටත් වඩා ඔබට දෙන්න සමිඳාණන් වහන්සේට පුළුවනැ”යි කී ය.
මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?
“මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?
උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.
එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.
“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”
උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති.
බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.