ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
ගීතාවලිය 148:5 - Sinhala New Revised Version 2018 ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය. Sinhala New Revised Version ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය. Sinhala Revised Old Version ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය. |
ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමාණන්ගේ වචනයට සවන් දෙන, එතුමාණන්ගේ බලවන්ත දූතයෙනි, එතුමාණෝ පසසන්න.
එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමාණෝ වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමාණන්ගේ ය.
සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”
“අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.