ගීතාවලිය 137:4 - Sinhala New Revised Version 2018 විදේශයක දී, සමිඳාණන් වහන්සේගේ ගීතය අපි කෙසේ ගයමු ද? Sinhala New Revised Version විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද? Sinhala Revised Old Version අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද? |
ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.
එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත: ‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද? මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි. මොවුන් ඇති කළේ කවරෙක් ද? මම තනි ව සිටියෙමි. මොවුන් ආවේ කොතැනින් ද?”
සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ.
ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”