එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක. ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලයෙක් වත් නො වී ය.
ගීතාවලිය 136:11 - Sinhala New Revised Version 2018 ඔවුන් අතරෙන් ඉශ්රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. Sinhala New Revised Version ඔවුන් අතරෙන් ඉශ්රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. Sinhala Revised Old Version ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. |
එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක. ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලයෙක් වත් නො වී ය.
ඉන්පසු එතුමාණෝ තමන් සෙනඟ බැටළුවන් මෙන් ගෙන ගිය සේක. පාළුකරය මැදින් යන බැටළු රැළකට මෙන් ඔවුන්ට මඟපෙන්වූ සේක.
මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.
ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස සමිඳාණන් වහන්සේ අවදි ව සිටි බැවින් සෑම පරම්පරාවක ම මුළු ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස අවදි ව සිට අනුස්මරණය කළ යුතු රාත්‍රිය මෙය වේ.
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.
මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”
පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි.
මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් පූප නො කෑ යුතු ය.
තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.