සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.
ස්වාමිනි, බොරු කියන තොල්වලින්ද වංචාකාර දිවෙන්ද මාගේ ආත්මය ගැළෙවුව මැනව.
අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.
එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:
බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.
ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.