ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 119:90 - Sinhala New Revised Version 2018

ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 119:90
12 හුවමාරු යොමු  

මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.


පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.


එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක. ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.


සමිඳාණන් වහන්ස, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.


අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.


සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක.


එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි.


දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.


එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපනත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක.