ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 119:7 - Sinhala New Revised Version 2018

ඔබේ දැහැමි අණපනත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 119:7
16 හුවමාරු යොමු  

සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.


ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න. ඔබේ පනත් මට උගන්වන්න.


ඔබේ පනත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!


ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.


සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පනත් මට ඉගැන්වුව මැනව.


සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.


ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.


සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;


නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.


‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.