එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
ගීතාවලිය 116:19 - Sinhala New Revised Version 2018 සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala New Revised Version සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala Revised Old Version ස්වාමීන්ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, නුඹ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
තුති පුදා, එතුමාණන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමාණන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමාණන්ට ප්‍රශංසා කරන්න.
සමිඳාණන් වහන්සේ පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න.