ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 114:7 - Sinhala New Revised Version 2018

එම්බා මිහිකත! පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එම්බා මිහිකත! පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 114:7
10 හුවමාරු යොමු  

එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි.


මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;


එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.


ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.


පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක. ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.


සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමාණෝ අබිමුව බියෙන් ඇලළී සිටින්න.


ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.