ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.
ගීතාවලිය 107:10 - Sinhala New Revised Version 2018 සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ. Sinhala New Revised Version සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ. Sinhala Revised Old Version සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය; |
ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.
මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.
එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.
ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”