පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට දුක් දුන්නෝ ද?
ගීතාවලිය 106:32 - Sinhala New Revised Version 2018 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය. Sinhala New Revised Version සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය. Sinhala Revised Old Version ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය. |
පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට දුක් දුන්නෝ ද?
විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.
“එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී, මා කී දේට සවන් නුදුන් සේක. උන් වහන්සේ මට කතා කොට, ‘දැන් නුඹ කතා කළා ඇති, මේ කරුණ මින්පසු මට සඳහන් නොකරන්න.
“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.