Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:32 - Sinhala Revised Old Version

32 ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:32
9 හුවමාරු යොමු  

විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි.


තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක.


තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මටත් උදහස්ව කථාකොට: නුඹත් එහි ඇතුල් නොවන්නෙහිය.


එහෙත් ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන්නොදී මට කථාකොට: ඔය ඇත, මේ කාරණය ගැන තවත් මට කථානොකරන්න.


කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්