එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්,
ගීතාවලිය 106:19 - Sinhala New Revised Version 2018 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය. Sinhala New Revised Version ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය. Sinhala Revised Old Version ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාරකළෝය. |
එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්,
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.
ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ.
“සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැඟී සිටියෝ ය” කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න.
ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක.
මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.
හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක.