Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:19 - Sinhala New Revised Version

19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:19
10 හුවමාරු යොමු  

වස්සා සෑදීමට සෙනඟ ආරොන්ට බල කළ බැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එවූ සේක.


“සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැඟී සිටියෝ ය” කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න.


ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ.


එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්,


මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.


හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක.


මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.


ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්