ගීතාවලිය 104:19 - Sinhala New Revised Version 2018 මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. Sinhala New Revised Version මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි. Sinhala Revised Old Version උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි. |
හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති. එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.
දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.