දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?
ගීතාවලිය 102:24 - Sinhala New Revised Version 2018 මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.” Sinhala New Revised Version මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.” Sinhala Revised Old Version මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි. |
දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?
සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?
ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද?
ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්
“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.