ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
ගලාති 3:20 - Sinhala New Revised Version 2018 එක් කෙනෙකු උදෙසා මැදහත්කාරයෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක් ම ය. Sinhala New Revised Version එක් කෙනෙකු උදෙසා මැදහත්කාරයෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක් ම ය. සිංහල කාලීන පරිවර්තනය මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ම ය. Sinhala Revised Old Version තවද මැදහත්කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳව නොවේය; නුමුත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ය. |
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.
මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය.
ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය.
නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.
එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:
මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.