ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක.
ගණන් කථාව 9:16 - Sinhala New Revised Version 2018 නිතර ම එලෙස විය. දවල් කාලයේ දී මණ්ඩපය වලාකුළකින් වැසිණි. රාත්‍රි කාලයේ දී එහි ගින්න වැනි පෙනුමක් තිබිණි. Sinhala New Revised Version නිතර ම එලෙස විය. දවල් කාලයේ දී මණ්ඩපය වලාකුළකින් වැසිණි. රාත්‍රි කාලයේ දී එහි ගින්න වැනි පෙනුමක් තිබිණි. Sinhala Revised Old Version නිරතුරුම එසේ විය. එය වලාකුළෙන්ද රාත්‍රියෙහි ගින්නක පෙනීමෙන්ද වැසුණේය. |
ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක.
ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.
සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක. රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
දිවා කාලයේ වලාකුළක් මඟින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. රෑ කාලයේ ආලෝකයක් මඟින් ඔවුන්ට මඟපෙන්වූ සේක.
එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.
මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.
සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ.
එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.
කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”
සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.