ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.
ගණන් කථාව 32:38 - Sinhala New Revised Version 2018 නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ. Sinhala New Revised Version නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ. Sinhala Revised Old Version නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය. |
ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.
නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.
අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.
මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”
හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය. එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.
“බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.
මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.
පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.
“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,
නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය.
එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න.