එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය.
ගණන් කථාව 32:29 - Sinhala New Revised Version 2018 ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය. Sinhala New Revised Version ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය. Sinhala Revised Old Version ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න. |
එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය.
මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය.
එහෙත්, ඔව්හු ඔබ සමඟ සන්නාහ සන්නද්ධ ව ගඟින් එගොඩ නොවන්නෝ නම්, කානාන් දේශයේ දී ඔබ සමඟ ඔව්හු උරුමය ලබන්නෝ ය”යි කී ය.
සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.
ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.
මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.
එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.
ඔහුට පසු ගිලියද් වැසියෙකු වූ ජායිර් ඉදිරිපත් වී විසි දෑවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.
සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.