Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 32:29 - Sinhala Revised Old Version

29 ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 32:29
10 හුවමාරු යොමු  

මෝසෙස්ද ඔවුන් ගැන පූජකවූ එලෙයාසර්ටද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාටද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ටද අණකරමින්,


එහෙත් ඔවුන් යුද්ධයට සැරසී නුඹලා සමඟ එතරට යන්නේ නැත්නම් ඔව්හු කානාන් දේශයෙහි නුඹලා අතරෙහි උරුම ලබත්වයි කීවේය.


ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රෙයෙහිත් රජකම් කළාවූ


නුමුත් අපි වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.


මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.


මක්නිසාද ලෙවීවරුන්ට නුඹලා අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය.


එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.


ඔහුට පසුව ගිලියද්හි මනුෂ්‍යයෙක්වූ යායිර් නැගිට විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.


සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්