ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 31:47 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පනස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පනස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පණස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පණස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මනුෂ්‍යයන්ගෙන් හා මෘගයන්ගෙනුත් පනසකින් එකෙකු බැගින් වෙන්කර රැගෙන උන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ මණ්ඩප භාරය රක්ෂා කරන ලෙවීවරුන්ට දුන්නෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 31:47
12 හුවමාරු යොමු  

රෑ කාලේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.


ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”


සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක.


කන්‍යාවෝ දහසයදහසක් ද වූ හ.


හමුදාවේ නිලධාරීහු ද සහශ්‍රාධිපතීහු සහ ශතාධිපතීහු ද මෝසෙස් වෙත පැමිණ


ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.