Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 9:27 - Sinhala New Revised Version 2018

27 ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:27
9 හුවමාරු යොමු  

අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.


තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න.


සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පනස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පනස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.


ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.


ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.


ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්