කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.
ගණන් කථාව 3:28 - Sinhala New Revised Version 2018 ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය. Sinhala New Revised Version ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය. Sinhala Revised Old Version මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණන අටදාස් හසියයක්ය. ඔව්හු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය. |
කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.
මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.
මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.