ගණන් කථාව 26:55 - Sinhala New Revised Version 2018 එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය. Sinhala New Revised Version එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය. Sinhala Revised Old Version එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා. |
පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.
තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.
තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ.
“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.
එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද අපෝස්තුළුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.
ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.
මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.
ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.
ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.
දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.
තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.