Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:55 - Sinhala New Revised Version

55 එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

55 එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:55
21 හුවමාරු යොමු  

තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ.


තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.


මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.


ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.


එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.


පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.


තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.


සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


සය වන කොටස නප්තලී පරපුරට එසේ ය, නප්තලීගේ පරපුරට, ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.


දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.


ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.


ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.


මෙලෙස ගණනින් වැඩි අයටත්, අඩු අයටත් දාදු දැමීමෙන් රට උරුම කර දෙනු ලැබේ”යි වදාළ සේක.


නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.


“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්