ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 23:13 - Sinhala New Revised Version 2018

බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා,

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 23:13
10 හුවමාරු යොමු  

තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!


මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”


පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.


දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ, මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නාදැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද, ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි.”


බාලාම් ඔහුට පිළිතුරු දෙමින්, සමිඳාණන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම් දැ”යි ඇසී ය.


මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.


එකල ශිප්පෝර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය.