Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:14 - Sinhala New Revised Version 2018

14 මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:14
11 හුවමාරු යොමු  

ගිලියද්හි ඔවුන් අයුතුකම් කර ඇත. ඔව්හු සහමුලින් ම නිෂ්ඵල ය. ඔව්හු ගිලියද්හි ගොනුන් පූජා කරති. එසේ ය, ඔවුන්ගේ පූජාසන ද කෙතේ හීවිටි මත තිබෙන ගල් ගොඩවල් වැනි ය.”


වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.


ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද


තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.


පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.


ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.


එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.


බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය.


ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්