ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝහිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.
ගණන් කථාව 16:3 - Sinhala New Revised Version 2018 ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ. Sinhala New Revised Version ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය. |
ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝහිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.
එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.
එබැවින් ඔබත්, ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බව දැනගන්න. ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක් දැ”යි ඇසී ය.
පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.
හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.
ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.
එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ ”
මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක.
“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.