එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” “ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
ගණන් කථාව 16:22 - Sinhala New Revised Version 2018 ඔව්හු ද මුණින්තළා වැටී, “අහෝ දෙවිඳුනි! සකල සත්ත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසෙකුගේ පාපයට, ඔබ මුළු ජනතාවට ම එරෙහි ව රොස් වන සේක් දැ”යි ඇසූ හ. Sinhala New Revised Version ඔව්හු ද මුණින්තළා වැටී, “අහෝ දෙවිඳුනි! සකල සත්ත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසෙකුගේ පාපයට, ඔබ මුළු ජනතාවට ම එරෙහි ව රොස් වන සේක් දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය. |
එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” “ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, “නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක.
දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, “මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.
එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.
“මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?
එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.
බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.
“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පොළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“සැණෙකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නැ”යි වදාළ සේක. ඔව්හු මුණින්තලා වැටුණාහ.
“එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා!
මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත.
ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?
එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත.