ගණන් කථාව 1:54 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය. |
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ.
මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.
ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”
උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.
මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.
දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
ඔව්හු සීනයි පාළුකරයේ දී, පළමු වන මාසයේ දහහතර වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත් වූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ලෙස ඉශ්රායෙල්වරු කළෝ ය.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.
සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.