ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.
ගණන් කථාව 1:22 - Sinhala New Revised Version 2018 අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. Sinhala New Revised Version අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. Sinhala Revised Old Version සිමියොන්ගේ පුත්‍රයින්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලියවුණාවූ, වෙන් වශයෙන් නාම ගණන ලෙස ගණන්කරනු ලැබුවාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, |
ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.
ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.
සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;
මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද