ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 1:19 - Sinhala New Revised Version 2018

මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 1:19
10 හුවමාරු යොමු  

සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පනස්තුන්දාස් හයසියයක් වූවෝ ය.


සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය.


ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ.


“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ.


උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.


මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.


සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.