Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:51 - Sinhala New Revised Version 2018

51 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

51 ඒ මුදනු ලැබූවන්ගේ මුදල ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:51
11 හුවමාරු යොමු  

තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.


ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න.


අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.


මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.


“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.


මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.


ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එක්දාස් තුන්සිය හැටපහක් විය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ දුන් පරිදි මුළු ඉශ්රායෙල් ජනයා එලෙස ඉටු කළහ.


මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්