ක්රියා 4:3 - Sinhala New Revised Version 2018 ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. Sinhala New Revised Version ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු, ඔවුන් අත්අඩංගුවට ගෙන, ඒ වන විට සවස් වී තිබූ බැවින්, පසු දින තෙක් ඔවුන් සිර අඩස්සියේ තැබූහ. Sinhala Revised Old Version ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙළා, සවස්වූ බැවින් පසුවදා වන තුරු හිරගෙයි තැබුවෝය. |
ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්රජා මූලිකයන්ට ද කතා කොට, “ඔබ සොරෙකු හා සටනට මෙන් කඩු මුගුරු රැගෙන ආවාහු ද?
ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය.
එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන
තවද ඔව්හු ජනතාව ද ප්රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්රණ සභාව ඉදිරියට ගෙන ගියහ.
එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.
ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්ර ඉල්ලාගත්තේ ය.