Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 4:2 - Sinhala New Revised Version 2018

2 ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 ඔවුන් බෙහෙවින් කැලඹී සිටියේ ඒ දෙදෙනා ජනයාට උගන්වමින්, යේසුස්වහන්සේ තුළ මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශ කළ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 යේසුස්වහන්සේ කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවිනුත් අතිශයෙන් කැලඹී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 4:2
18 හුවමාරු යොමු  

එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.


තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක.


එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.


එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය.


එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”


දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද?


ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය.


එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,


මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.


හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්