ක්‍රියා 16:4 - Sinhala New Revised Version 2018 ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරු විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. Sinhala New Revised Version ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. සිංහල කාලීන පරිවර්තනය යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් විසින් පනවන ලද නියෝග පිළිපැදීම ඔවුන්ට භාර කරමින්, ඔවුහු නගරයෙන් නගරයට ගමන් කළහ. Sinhala Revised Old Version ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය. |
එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.
ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.