එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි අපෝස්තුළුවරුන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය.
ක්‍රියා 15:27 - Sinhala New Revised Version 2018 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. Sinhala New Revised Version එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. සිංහල කාලීන පරිවර්තනය අප ලියා එවන දෑ, කට වචනයෙන්ම සහතික කරනු පිණිස, මෙසේ අපි යූදස් හා සීලස් ඔබ වෙත එවමු. Sinhala Revised Old Version එහෙයින් යූදස්ද සීලස්ද එවීමුව, ඔවුනුත් එම කාරණා නුඹලාට කටින් කියනවා ඇත. |
එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි අපෝස්තුළුවරුන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය.
ජූදස් සහ සීලස් යන දෙදෙන දිවැසිවරයන් වූ බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අනුශාසනා කර, ඔවුන් ධෛර්යවත් කළහ.
ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.