ක්‍රියා 13:49 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලේ ප්‍රචලිත විය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලෙහි පතළව ගියේය. |
එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය.
මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත.
තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.