ක්‍රියා 13:35 - Sinhala New Revised Version 2018 ඇරත් තවත් ගීතයක: ‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි වදාරා ඇත. Sinhala New Revised Version ඇරත් තවත් ගීතයක: ‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි වදාරා ඇත. සිංහල කාලීන පරිවර්තනය ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක ඒ ගැන මෙසේ දැක් වේ: “ ‘ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත’ යන්නයි. Sinhala Revised Old Version ඇරත් වෙන ගීතිකාවකද: ඔබගේ ශුද්ධ තැනැත්තා කුණුවීමට පැමිණෙන්ට ඉඩ නොදෙනසේකැයි කීසේක. |
ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?
සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි.
යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය.