ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ඔබදියා 1:18 - Sinhala New Revised Version 2018

ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.

පරිච්ඡේදය බලන්න



ඔබදියා 1:18
23 හුවමාරු යොමු  

මන්ද, ඔබේ දාසයා වන මා පව් කළ බව මම දනිමි. එබැවින් ජෝසෙප්ගේ මුළු වංශය අතරෙන්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ පෙරමඟට බැස එන්නට මම පළමු කොට ආවෙමි”යි කී ය.


එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ.


ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක.


ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන, එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”


ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.


ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපනත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.


සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.


සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.


ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”


ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.


නුඹ ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. මෙන්න මම ඉශ්රායෙල් නමැති ලීය රැගෙන ජුදා නමැති ලීයට එක් කරන්නෙමි. ලී දෙකෙන් එක ලීයක් සාදා එය මාගේ අතෙන් අල්ලාගනිමි.


අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති.


අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.


නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.


ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.


මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”


ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.


උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.


“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,