තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
එළිදරව් 22:14 - Sinhala New Revised Version 2018 ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය. Sinhala New Revised Version ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය. සිංහල කාලීන පරිවර්තනය “ජීවන වෘක්ෂයට අයිතිය ලැබෙන පිණිසත්, පුරවරයට දොරටු තුළින් ඇතුළු වන පිණිසත් තම සළු සෝදා ගන්නෝ භාග්‍යවත් ය. Sinhala Revised Old Version ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. |
තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමාණන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,
එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය.
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය.
සෙසු අපෝස්තුළුවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.
උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති.
දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.
‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’
වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.
එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.
මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. “මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.
“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.