මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
එළිදරව් 14:16 - Sinhala New Revised Version 2018 එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය. Sinhala New Revised Version එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට වලාකුළ මත හිඳ හුන් තැනැත්තාණෝ තම දෑකැත්ත පොළොවට හෙළූ සේක; පොළොවේ අස්වැන්න නෙළනු ලැබී ය. Sinhala Revised Old Version එවිට වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේ දෑකැත්ත පොළොවට හෙළූසේක; පොළොවේ ගොයම්ද කපනු ලැබුවේය. |
මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
තවද සුදු වලාකුළක් ද, ඒ වලාකුළ මත සිය හිසේ රන් කිරුළක් සහ අතේ මුවහත් දෑකැත්තක් ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි.
එවිට තවත් දේව දූතයෙක් දේව මාලිගාවෙන් නික්ම අවුත්, වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේට මහ හඬින් මොරගසා: “ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව; මන්ද, පොළොවේ ගොයම් හොඳට ම පැසී තිබෙන බැවින්, කපන කාලය පැමිණ ඇතැ”යි කී ය.
තවත් දේව දූතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.
දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.