Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 14:16 - සිංහල කාලීන පරිවර්තනය

16 එවිට වලාකුළ මත හිඳ හුන් තැනැත්තාණෝ තම දෑකැත්ත පොළොවට හෙළූ සේක; පොළොවේ අස්වැන්න නෙළනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එවිට වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේ දෑකැත්ත පොළොවට හෙළූසේක; පොළොවේ ගොයම්ද කපනු ලැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 14:16
7 හුවමාරු යොමු  

එවිට දේව දූතයා පොළොව පිට තම දෑකැත්ත යොදා, එහි මිදි පල අස්වැන්න රැස් කොට, දේව උදහසේ මිදි මඩින මහා මෝලට ඒවා හෙළී ය.


ඉන්පසු මෙන්න! සුදු වලාකුළක් සහ ඒ වලාව පිට හිඳගත් මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක් දුටිමි. ඔහු හිසේ රන් ඔටුන්නක් හා අතේ මුවහත් දෑකැත්තක් ඇතිව සිටියේ ය.


මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.


තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳටම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය.


තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්